අයි. පී. එල්. තරගාවලියේ හත්වැනි තරගය වන බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල අතර ඊයේ (7 වැනිදා) හයිද්‍රාබාද්හිදී පැවති තරගය ලකුණු සම වීමෙන් අවසන් විය.
ඉන් පසුව තරගයේ ජය පරාජය තීරණය වන සුපිරි ඕවරයේදී හයිද්‍රාබාද් පිල ලකුණු 20 රැසකළත් ඊට පිළිතුරු වශයෙන් බැංගලෝර් පිලට ලබාගත හැකිවූයේ ලකුණු 15 ක් පමණි. ඒ අනුව බැංගලෝර් පිලට එරෙහිව ලකුණු 5 ජයක් ලබාගැනීමට හයිද්‍රාබාද් පිල සමත්විය.
නොදැවී ලකුණු 44 ක් රැස්කළ යොවුන් කී‍්‍රඩක හනුමා විහාරි තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබීය.
දෙවැනි වරටද පිතිකරුවෙකු ලෙස අසාර්ථකවූ බැංගලෝර් පිලේ තිලකරත්න ඩිල්ෂාන්ට ලබාගත හැකිවූයේ ලකුණු 5 ක් පමණි. හයිද්‍රාබාද් පිලේ නායක කුමාර් සංගක්කාරද ලකුණු 16 කට දැවී ගියේය.
බැංගලෝර් පිල නියෝජනය කරන මුත්තයියා මුරලිදරන් ලකුණු 18 කට කඩුල්ලක් දවාගද්දී හයිද්‍රාබාද් පිල නියෝජනය කරන තිසර පෙරේරා ලකුණු 21 කට කඩුල්ලක් දවාගත්තේය.
බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල ඕවර 20 තුළදී කඩුලූ 8 ක් දැවී ලකුණු 130
(විරාට් කෝලි 46, මොරිස් හෙන්රික්ස් 44, ඉශාන්ත් ශර්මා 27/3)
සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල ඕවර 20 තුළදී කඩුලූ 7 ක් දැවී ලකුණු 130
(අක්ෂත් රෙඞ්ඩි 23, හනුමා විහාරි නොදැවී 44, කුමාර් සංගක්කාර 16, අශීෂ් රෙඞ්ඩි 14, මොරිස් හෙන්රික්ස් 14/2, ජයදේව් උන්කඞ් 24/2)
සුපිරි ඕවරයේ ලකුණු සටහන
සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල කිසිවෙකු නොදැවී ලකුණු 20
(තිසර පෙරේරා 2, කැමරන් වයිට් 17, විනේ කුමාර් 20/0)
බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල කිසිවෙකු නොදැවී ලකුණු 15
(කි‍්‍රස් ගේල් 10, විරාට් කෝලි 05, ඬේල් ස්ටේන් 15/0)
(**)