හයිද්‍රාබාද් පිල 5 වැනි ජය සමගින් ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට


ඉන්දීය ප‍්‍රධානතම විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 24 වැනි තරගය ලෙස හයිද්‍රාබාද්හිදී අද (19 වැනිදා) පැවැති තරගයේදී සන්රයිසන් හයිද්‍රාබාද් පිල කඩුලූ 5 කින් කිංග්ස් XI, පංජාබ් පිල පරාජය කිරීමට සමත් විය.

හයිද්‍රාබාද් පිල මෙම ජයග‍්‍රහණයත් සමග තරග 7 කට සහභාගි වී තරග 5 ක් ජය ලබා ප‍්‍රසාද ලකුණු 10 ක් සමගින් ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය.
හයිද්‍රාබාද් පිල වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ තිසර පෙරේරා පන්දු 11 කදී දැවැන්ත හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 23 ක් රැස්කරමින් ජයග‍්‍රහණය පහසු කිරීමට සමත් විය. 

සන්රයිසන් හයිද්‍රාබාද් පිලේ නිත්‍ය නායක කුමාර් සංගක්කාර මෙම තරගයට ද ක‍්‍රීඩා නොකළ අතර නායකයා ලෙස කැමරොන් වයිට් කටයුතු කළේය.

කිංග්ස් XI, පංජාබ් පිල  ඕවර 20 කදී කඩුලූ 9 ට 123 (ඇඩම් ගිල්ක‍්‍රිස්ට් 26, ඬේවිඞ් හසී 22, පියුෂ් චවුලා 23, කරන් ශර්මා 19/2, අමිට් මිෂ්රා 29/2, ඉෂාන් ශර්මා 29/2)
 
සන්රයිසන් හයිද්‍රාබාද් පිල  ඕවර 18.5 කදී කඩුලූ 5 ට 127 (අක්ෂාත් රිඞ්නි 19, හනුමා විහාරි 46, කැමරොන් වයිට් 16, තිසර පෙරේරා නොදැවී 23, මන්ප‍්‍රිට් ගොනි 24/2)

 

තිසර පෙරේරා පිතිහරඹයේ යෙදෙමින්...