ඉතාලියේ පැවති ගුඩ්විල් ජාත්‍යන්තර කරාටේ තරගාවලිය නියෝජනය කිරීමට ආරාධනා ලැබුවද විවිධ හේතු මත එහි යාමට නොහැකි වු ශ්‍රී ලංකික ක්‍රීඩික ක්‍රීඩිකාවක් වෙත ඉතාලි ඔලිමිපික් කමිටුවේ එන්ඩාස් ක්‍රීඩා දෙපාර්තමේන්තුවව විසින් ක්‍රීඩා උපකරණ සහ ඇඳුම් තොගයක් පසුගියදා පිරිනමනු ලැබීය.
ඉතාලි ඔලිම්පික් කමිටුවේ ත්‍රෙවිසෝ නුවර පිහිටි එන්ඩාස් ක්‍රිඩා දෙපාර්තමේන්තුවේ ආචාර්‍ය අල්බර්තෝ සල්ගාරෝ මහතා විසින් එම උපකරණ තොගය ශ්‍රී ලංකාවට යැවීම සඳහා ඉතාලි කරාටේ සම්මේලනයේ ප්‍රධාන විදායක නිලධාරියෙකු වන සඳුන් ලක්සිරි මහතාට බාර දෙමින් කියා සිටියේ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගත හැකි මෙවැනි යුරෝපීය තරගාවලියකට පැමිණීමට නොහැකිවීම පිළිබඳව තමන් ඛෙහෙවින් කනගාටුවන බවයි.
කෙසේ වෙතත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරිම සඳහා ඉදිරියේදි ශ්‍රී ලංකාවේ කරාටේ ක්‍රීඩාව ඉහළට ඔසවා තැබිමට යම් යම් පියවර කිහිපයක් ගැනීමට බලාපොරොත්තු වන බවත් 2017 වසරේ පැවැත්වෙන මීලඟ තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙන්වා ගැනීමට හැකි සියළු දේ කල් වේලා ඇතිව සිදුකරන බවත් ඔහු එහිදි පවසා ඇත.
මෙම තරගාවලිය සඳහා සහභාගී වන ලෙස ඉතාලි ජාතික ඔලිම්පික් කම්ටුවේ ‘එන්ඩාස්‘ ක්‍රීඩා දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ ‘ජිකෝ‘ ජාතික කරාටේ කණ්ඩායමට කර තිබු ආරාධනාවක් මත මෙරට ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙක් තරගාවලිය සඳහා සහභාගී විමට නියමිතව තිබුණි.
එසේ වුවද විවිධ හේතු මත ශ්‍රී ලාංකා කණ්ඩායමට තරගාවලිය සඳහා මෙරටින් පිටත්ව යාමට නොහැකි වී ඇත.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට මෙම අවස්ථාව ලබා දීම සඳහා ඉතාලි රජය සමග මැදහත්කරුවෙකු ලෙස කටයුතු කළ ඉතාලි කරාටේ සම්මේලනයේ ප්‍රධාන විදායක නිලධාරියෙකු වන සඳුන් ලක්සිරි විසින් ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික කරාටේ ක්‍රීඩකයන් කිහිපදෛනකු තරගාවලිය සඳහා සහභාගී කරවීමට සමත් වු අතර එහිදී ශ්‍රී ලංකාව රිදී පදක්කමක් හිමි කරගත්තේය.
මේ පිළිබඳව සඳුන් ලක්සිරි මහතා එසැනට පැවසුවේ
‘ශ්‍රී ලංකාවේ ජාතික කරාටේ සංචිතයේ වසර 10 යක පමණ කාලයක් තිස්සේ ක්‍රීඩා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙක් මේ තරගාවලියට ඉතාලියට පැමිණීමට සුදානම්ව සිටියා.
ඉතාලි ඔලිම්පික් කමිටුවෙන් ශ්‍රී ලාංකිික කරාටේ ක්‍රීඩකයන්ට ඉතාලියට පැමිණීම අසාදු ලේඛන ගත කර තිබුන මොහොතක මා වසර ගණනක් තිස්සේ ඉතාලි රජයේ අනුමැතිය ලත් ජාතික කරාටේ පුහුණුකරුවෙකු හා ජාත්‍යන්තර කරාටේ විනිසුරුවරයෙකු ලෙසත්, විශේෂයෙන් ගුඩිවිල් ජාත්‍යන්තර සම්මේලනයේ විධායක කමිටු සාමාජිකයෙකු හා එම සම්මේලනයේ ආසියාතික රටවල් සඳහා සම්බන්ධීකරන නිලධාරියෙකු වශයෙන් සේවය කිරීම යන කරුනු මත මා ගැන විශ්වාසය තබා මගේ විශේෂ ඉල්ලීමට මතයි මේ අවස්ථාව අපේ ක්‍රීඩකයන්ට ලැබුනේ.
මේ සදහා මා ඉතාලියේ ඔලිම්පික් කමිටුවේ අනුමත එන්ඩාස් ක්‍රිඩා දෙපර්තමේන්තුව හරහා අපේ ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලබා දීමට විශේෂ ආරාධනාවක් පවා ලබා ගත්තා.
ඕනෑම ක්‍රීඩකයෙකුගේ සිහිනයක් තමයි යුරෝපයේ තරගාවලියකින් පදක්කමක් ලබා ගැනීම. නමුත් මේ අයට විවධ හේතූන් මත ඒ අවස්තාව අහිමි වුනා. ඒ ගැන මා ඛෙහෙවින් කනගාටුවෙනවා.
ඒ කොහොම වුනත් ශ්‍රී ලංකා නාමය රැක ගැනිම සඳහා ඉතාලියේ ජීවත් වන කරාටේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් සහභාගී කරවා රිදී පදක්කමක් ලබා ගෙන ශ්‍රී ලංකාවට ගෞරවයක් හිමි කර දීමට හැකිවීම ගැන මා ඛෙහෙවින් සතුටු වෙනවා.‘
මෙම තරගාවලිය පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවක් ඉතාලියේ ‘ත්‍රෙවිසෝ කොමෝනේ‘ හි පැවති බවත් එයට ත්‍රෙවිසෝ නගරාධිපති මහජන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය අසොසෝරේ ඔපේලියෝ මිකේලාන්, සින්දකෝ නිතීඥ ජොවන්නි මනිල්ඩෝ, ඔලිම්පික් කමිටුවේ සභාවතියරයා සහ එන්ඩාස් සහභාගී අතර ජිකෝ ඉතාලි සම්මේලනයේ ප්‍රධාන ලේකම් මාරාධි ජෝර්දා ඇතුළු මහත්ම මහත්මීන් සමග තමන්ටද සහභාගී විමට අවස්ථාව ලැබුන බවත් එහිදී ශ්‍රී ලංකාවේ කරාටේ ක්‍රීඩාව සංවර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා වු බවත් ඔහු කීවේය.

