හමුදාවේ හතරකගේ පෙත්සම විසිවේ


යුධ හමුදා සැරයන් මේජර්වරයෙකුගේ බිරිඳ  සහ හමුදා සෙබළුන් තිදෙනෙකුගේ මවක වන 50 හැවිරිදි කාන්තාවක් සමූහ දූෂණයට ලක් කළැයි යුධ හමුදාවේ හිටපු කෝප‍්‍රල්වරයකු සහ හිටපු සෙබළු  දෙදෙනකුගේ ඇප කොන්දේසි ලිහිල් කරන්නැයි කළ ඉල්ලීම කැබිතිගොල්ලෑව දිසා විනිසුරු අතිරේක මහේස්ත්‍රාත් එන්.ජේ.ප්‍රභාකරන් මහතා ප්‍රතික්ෂේප කළේය.

අධික ලෙස බීමත්ව රංචු ගැසී වරින් වර බරපතල ලෙස ඇය සමූහ දූෂණයකට ලක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ  කේ.ඒ.සුමිත් විජේරත්න, පී.ලලිත් ගුණරත්න  සහ ඩබ්.ඒ.උදය ශාන්ත පේ‍්‍රමදාස යන සැකකරුවන් දැඩි ඇප කොන්දේසි මත නිදහස් කරනු ලැබ සිටිති. ඔවුන්ගේ ඇප කොන්දේසි ලිහිල් කරන්නැයි ගොනු කර තිබූ ඉල්ලීම අද ප්‍රතික්ෂේප කැරිණි.