හමුදාවේ බව නොදැන පස් දෙනකුට ගහලා
වැල්ලම්පිටිය උමගිලිය ක‍්‍රීඩාංගනය අසලදී ප‍්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්වූ පස් දෙනකු පොලිසියට බාර දුන් බව කොලොන්නාව නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදයශාන්ත මහතා කියයි. ඔවුන් යුද හමුදා භටයන් බව දැනගෙන ඇත්තේ පොලිසියේදීය.
වැඩබලන යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් ජී.වී. රවිප‍්‍රිය පැවසුවේ 142 බළ සේනා මූලස්ථානයට අයත් එම සෙබළුන් හමුදාවෙන් පලාගිය සෙබළකු අත්අඩංගුවට ගැනීමට ගොස් සිටියදී පහරකෑමට ලක්වූ බවයි.
කොලොන්නාව නගර සභාවේ සභාපති උදයශාන්ත මහතා පැවසුවේ මෙම පිරිස සුදු වෑන් රථයෙන් පැමිණියේ තමා පැහැරගෙන යාමට බවයි. මෙයට දින කිහිපයකට පෙර තම සොහොයුරා පැහැරගෙන ගියේත් මෙවැනි කණ්ඩායමක් බව ද ඔහු කියයි..

