හමුදාවේ නමින් ගංජා අදී


ආරක්ෂක හමුදාවේ ද ඇමැතිවරයෙකුගේ ලේකම්වරයකුගේ ද නම විකුණා කහකුරුල්ලන් පැලැස්සේ සිට ගංජා තොගයක් ගෙන ඒමට තැත් කළැයි කියන පස් දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව හම්බෙගමුව පොලිසිය කියයි. එක් තැනැත්තකු ඇමැති ලේකම්ගේ සහෝදරයකු බවත් තවත් දෙදෙනකු ළඟ යුද හමුදා හැඳුනුම්පත් තුබූ බවත් පොලිසිය පවසයි.