හමුදාවේ තවත් අයෙක් රිමාන්ඩ්


ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හමුදා මාණ්ඩලික සැරයන් ජේ.එම් කණිෂ්ක ගුණරත්න ලබන 9 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස හෝමාගම වැඩ බලන මහේස්ත්‍රාත් දර්ශන සූරිප්පෙරුම මහතා නියෝග කළේය. කැකැරාවේ පදිංචි කරුවකු වන සැකකරු ගිරිතලේ යුධ හමුදා කඳවුරේ සේවය කරයි.මෙහු සමග මෙම කඳවුරේ රිමාන්ඩ් කර සිටින පිරිස හත් දෙනෙකි.