පසුගිය සැප්තැම්බර් 7 වැනිදා කෝකිළායි හි දී ඇරැඹුණු ‘දියකාවා 7‘ යුද ඇබෑසිය ත්රිකුණාමල තිරියායේ දී අවසන් විය.
යුද භටයන් 2500ක් ද නාවික හමුදාවේ 638 දෙනෙක් ද ගුවන් හමුදාවේ 506 දෙනෙක් ද මෙම ඇබෑසියට එක්ව සිටියහ.
නිල ඇඳුමින් සැරසී අවිද දරමින් මේ ඇබෑසියේ දී යුද භටයන් 41 දෙනකු පැරෂුට් ආධාරයෙන් ගොඩබිමට පැමිණීම සුවිශේෂ සිද්ධියක් බව මෙහෙයුම් අධ්යක්ෂ මේජර් ජනරාල් සුදන්ත රණසිංහ කියයි.
ඉන්දියාව, බංගලිදේශය, චීනය, නේපාලය, සුඩානය, ඇමරිකාව, මාලදිවයින ඇතුළු රටවල් 41ක නියෝජිතයෝ ද එම ඇබෑසිය නිරීක්ෂණය කළහ.