හමුදාවෙන් පැන්නෙ සෙබලාගේ ගෙදරින් සොයාගත් දේ


(පුෂ්පකුමාර මල්ලවආරච්චි,ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය සහ ඉන්දිකා රාමනායක)

ගිණි අවි බලපත්‍ර ලබා දෙන බවට පුද්ගලයන් රවටමින් මුදල් ගරා ගැනීමේ යෙදුණු බව කියන යුද හමුදාවෙන් පළා ගිය සෙබළකු ජීව උණ්ඩ, නිල ඇඳුම් , ආරක්ෂක අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය ලෙසට ඇඟවෙන සේ සකස් කළ ලිපි ශීර්ෂ ආදිය ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව මිරිගම පොලිසිය කියයි .

මීරිගම පොලිසියේ ජංගම සංචාරයක යෙදුණු පොලිස් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මීරිගම තවලම්පිටිය රත්නජෝති මාවතේ පදිංචි පුද්ගලයෙකි .

සැකකරුව සතුව තිබී ටී 56  උණ්ඩ 06 ක්, ටී56 පුහුණු උණ්ඩ 06ක්, මිලි මීටර් 9 පිස්තොල උණ්ඩ 02ක්, ගුවන් යානා නාශක අවි උණ්ඩ 02 ක්ද උණ්ඩ රඳවන පූචස් 03 ක්, වෙබින් කට්ටලයක්, ලාජ් පැක් එකක් , වෙබ් බෙල්ට් එකක් පලදින ආයිත්තම් සහිත යුද හමුදා නිළ ඇදුම් කට්ටලයක්, යුද හමුදා කැලෑ නිළ ඇදුම් කට්ටලයක් සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.

මෙයට අමතරව ඔහු සතුව තිබී ආරක්ෂක අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂ උපයෝගී කරගනිමින් සකසන ලද ලේඛන කිහිපයක් එම ලේඛන සැකසුම සඳහා යොදා ගත් බවට සැකකෙරෙන පරිගණකයක් සහ එහි උපාංගද පොලිස් බාරයට ගෙන ඇත.

විවිධ පුද්ගලයන්ට ගිණි අවි ලබා ගැනීම සඳහා අවශ්‍ය බලපත්‍ර ලබා දෙන බව පවසා සැකකරු විවිද පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු හෙළි වී ඇති අතර ඒ සඳහා වන ලිපි ලේඛන සකස් කර ඇත්තේ සැකකරු විසින් ම බවට පොලිසිය සැක කරයි.

මීරිගම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.