හමුදාවෙන් පැන ගිහින් නීතීයත් අතට ගනී


පසුගිය විසිහතර පැයේදී මහනුවර , ඌරුබොක්ක හා කිතුල්ගලදී  පොලිස් කොස්තාපල්වරුන් හය දෙනකුට පහර දුන් බව කියන  හමුදාවේ හිටපු සෙබළුන් දෙදෙනෙක් ද ව්‍යාපාරිකයෙක් ද සැක පිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

මාර්ග නීතී කඩ කිරීම සම්බන්ධ සිද්ධියකදී ව්‍යාපාරිකයකු මහනුවරදීත්  හෙල්මට් නොමැතිව යතුරුපැදියකින් ගිය  බව කියන හමුදාවේ හිටපු සෙබළුන් දෙදෙනෙකු ඌරු බොක්කේදීත් තවත් රථ වාහන වරදක් සම්බන්ධයෙන් කිතුල්ගලදී තවත් හමුදා සෙබළෙකු ද පොලීසියට පහර දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.