හමුදාවෙන් තවත් ආදර්ශයක්


2009 මඩකලපුවේදී මියගිය කොටි සාමාජිකයන්ගේ පවුලේ සාමාජිකයන්ට නිවසක් තනාදීම සඳහා යුද හමුදාවේ 16 වැනි ජාතික ආරක්ෂක බල මුළුව අම්පාර චවලකඩේදී අද මුල්ගල් තැබීය. තුන්වැනි කාර්ය සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් හරේන් පෙරේරා හා 631 වැනි බළ සේනාධිපති කර්නල් ප්‍රියන්ත ගමගේ ආරාධිතයෝ වූහ. නිවස තැනීම සඳහා රුපියල් හය ලක්ෂයක බරපැන එම රෙජිමේන්තුවෙනි. මාසයකින් නිවස තනා අවසන් කිරීමට නියමිතය.