හමුදාවලට අමතරව වැලිවේරියේ ගැටුමට තව පාර්ශවයක් ඇවිල්ලා


පසුගිය බ්‍රහස්පතින්දා වැලිවේරිය නගරයේ පැවති උද්ඝෝෂණයේදී ආරක්ෂක හමුදාවලට අමතරව තවත් පාර්ශවයක් සිටි බවත්  තොරතුරු ලැබී ඇතැයි  හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිග්‍රේඩිය රුවන් වනිගසුරීය  කොළඹ  මාධ්‍ය හමුවකදී අද (04) පැවසීය.

 රට අස්ථාවර කිරීම මෙම බලවේග උත්සා කරන  බවත් වැලිවේරියේ වෙඩි තැබීම ගැන කරුණු සොයා නොබලා හමුදා වටම  දොස් පැවරීම හෝ හෙළා දැකිම සුදුසු නොවේ යැයි ඔහු කියයි.පොලිසිය ,පොලිස් විශේෂකාර්ය බලකාය , යුද හමුදාවට  හා කැරැලි මර්දන පොලීසියට අමතරව  තවත් පාර්ශවයක් සිටි බවට  පරික්ෂණ අරබා ඇතැයිද ඔහු කීවේය.

හමුදාව එහිදී ක්‍රියා කළ  ආකාරය ගැන ඉදිරියේදී ගන්නා  ක්‍රියා මාර්ගය දන්වන බවත්  ඔහු කීවේය.