හමුදාව රටයි බුදු දහමයි දෙකම රකිනවලු


රට ජාතික රැකීමට සේනාධිනායක ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග ක්‍රියාත්මක කරනා අයුරින්ම දහමේ උන්නතිය වෙනුවෙන් යුද හමුදාව මහා සංඝරත්නගේ අවවාද අනුශාසනා අනුව ක්‍රියාකරන බව යුදහමුදාපති මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වාද්දුව උත්තර චේතියාරාමයේදී ප්‍රකාශ කළේය.

එහි නව ධාතු මන්දිරය,පුස්තකාලය හා දාන ශාලාව ඇතුළු දෙමහල් මන්දිරයට මුල්ගල තැබීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ යුද හමුදාපතිවරයාය.

විහාරාධිපති කදුරුතුඩුවේ සුගතවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි උත්සවය සංවිධානය කැරිණි.

TEMP-1122-01 TEMP-1122-02