වසර ගණනාවක් යාපනය කීරමලේ සිටි යුද හමුදාව සිකුරාදා (26) වන විට ඉන් ඉවත්වනු ඇතැයි හමුදා ආරංචි කියයි.
පසුගිය රජය කාලයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ඉදිකළ මන්දිරයට හමුදාව යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම මන්දිරයේ ඉදිකිරීම් සඳහා රුපියල් කෝටි 200ක්වත් වැය කරන්නට ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
යම් දවසක මෙම මන්දිරය හෝටලයක් කරන බව උතුරේ මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මීට පෙර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.




