හමුදාව අංගම්පොරත් උගනී


ගිනි අවියෙන් යුද බිම සතුරා මෙල්ල කළ යුද භටයා පැරණි සටන් අංගම් පොර සටන් මෙන්ම ජූඩෝ, කරාතේ, වූෂූ, මල්ලවපොර තයිකොණ්ඩු හා බෝක්ෂිං වලින්ද දෑත දෙපයේ දස්කම් විස්කම් පෙන්වයි.

යුද හමුදාවේ වැලිඔය 62 සේනාංකයේ හතරවැනි සංවත්සරය නිමිත්තෙන් සෙබල සෙබලියන්ගේ සටන් සංදර්ශනයන් පැවැත්විණි.

වන්නිආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජනරල් බොනිපස් පෙරේරා ප්‍රධාන ආරාධිතයා විය.

පැවති වොලිබෝල් ක‍්‍රිකට් එල්ලේ කඹ ඇදීම් වැනි ක‍්‍රීඩාවන් රැසකගෙන් ජයග‍්‍රහණය කළ සෙබලූන්ට හා කණ්ඩායම් වලටද සහතික පත් හා ත්‍යාග වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති අතින් ප්‍රදානය කිරීම සිදු විය.

මෙයට වැලිඔය ප‍්‍රදේශයේ ජනාතාවද විශාල පිරිසක් සහභාගී වූ අතර ඊට අමතරව 62 සේනංකායේ සේනංකාධිපති ඇතුළු වන්නි බල ප‍්‍රදේශයන්ට අයත් යුද හමුදා සේනාංකාධිපති වරුන් හා බලසේනාධිපති වරුන් හා යුද හමුදා නිධාරීන්ද සහභාගී වූහ.

01 02 09