හමුදා සෙබළෙක් අත්අඩංගුවට


හොරණ මහවත්තේ කහ ඉරක් මතදී ගැබිණියක අනතුරට පත් කළැයි අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි හමුදා සෙබළකු නැවත අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ගැබිණිය කහ ඉර මතින් පාර මාරු වෙද්දී සැකකරු විසින් පදවාගෙන ගිය යතුරු පැදියේ ගැටීමෙන් පසු හොරණ රෝහලට ඇතුළත් කළ අතර සිසේරියන් සැත්කමක් මගින් ඇය බිහි කළ දරුවා දින තුනකට පසු බ්‍රහස්පතින්දා මිය ගියේය.

දරුවාගේ මරණ පරීක්ෂණය පැවැත්වූ හොරණ හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතාගේ නියෝගයක් මත ඇප මත සිටි සැකකාර හමුදා සෙබළා යළි අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.