හමුදා පුතාගේ දස්කම් බලන්න අම්මාට බැරිවෙයි


යුද හමදා විශේෂ බලකායට බැඳුණු සිය බාල දරුවාගේ විසිර යෑමේ පෙළපාළිය නැරඹීට මාදුරුඔය යුද හමුදා කඳවුරට  ආ ඔහුගේ මව හදිසියේ රෝගාතුර වී පොළොන්රුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලොන්නරුව රෝහල් ආරංචි කියයි. මහව ප්‍රදේශයේ පදිංචි එච්.එම්. කමලවාති නම් තිදරු මවක මෙසේ මියගොස් ඇත.  යුද හමුදා සංදර්ශන ආරම්භ වීමට මොහොතකට පෙර ඇයට හෘදයා බාධයක් වැළදෙන්නට ඇතැයි වෛද්‍යවරු අනුමාන කරති.