හමුදා දොස්තර පොලිසියෙන් අල්ලයි


නාරාහේන්පිට පොලිස් රථවාහන අංශයේ කොස්තාපල්වරයකු රිය අනතුරකට පත්කර පලායෑමට උත්සහා කළැයි කියන යුද හමුදා කපිතාන්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසිය කියයි.

ඔහු යුද හමුදා රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු බව පොලිසිය කියයි. තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබයි.