ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කළේයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින යුද හමුදා බුද්ධි අංශ ලුතිනන් කර්නල්වරුන් වූ ශම්මි කරුණාරත්න, ප්‍රබෝධ සිරිවර්ධන සහ මාණ්ඩලික සැරයන් ප්‍රියන්ත රාජපක්ෂ දෙසැම්බර හත් වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් වයි ආර් බී නෙලුම්දෙනිය මහතා අද නියෝග කළේය.
විමර්ශනයේ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඊළඟ නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ද නියෝග කැරිණි
2010 ජනවාරි 23 වැනි දා එක්නැළිගොඩ අතුරුදන්වීයැයි ඇගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය දැමූ පැමිණිල්ලක් අනුව විමර්ශන සිදු කැරෙයි.

