හමුදා කෝප්‍රල් ජේතවන සෑයෙන් බිමට ගනී


අනුරාධපර ජේතවනාරාම  මුදුනට අද අළුයම නැග සිටි පුද්ගලයා නැදුන්කර්නියේ හමුදා කදවුරක කෝප්‍රල්වරයෙකු බව පොලීසිය කියයි.

බදුල්ලේ පදිංචිකරුවෙකු වන ඔහු නිවාඩු ලබා සිටි බවට තොරතුරු පොලිසියට ලැබී ඇත.

ජේතවන සෑයට ඔහු     ගඩොල් ආදාරක ඔස්සේ නගින්නට ඇතැයි  පොලීසිය කියයි.

ඔහු අනුරාධපුර රෝහලට ඇතුළත් කර සිටියි.

අඩි 408ක් උස මෙම ස්තූපයේ වට ප්‍රමාණය අඩි 1247කි. සළපතල මළුව අක්කර අටකි. මහසෙන් රජතුමා ක්‍රිස්තු පූර්ව 290-305 සමයේ ඉදිකරන ලදැයි සැළකේ.

නන්දන උයන හා ජෝති වනය නමින් එදා ප්‍රසිද්ධියට පත් වූ මෙම ස්ථානයේ මිහිඳු මාහිමියන් ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ බව ද පැවසේ.