මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් මරා දැමී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා ලුතිනන් කර්නල්වරු දෙදෙනෙක් හා මාණ්ඩලික සැරයන්වරයෙක් ලබන 23 වැනිදා තෙක් හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.
එක්නැලිගොඩගේ බිරිඳ රහස් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කළ අතර එහිදී හෙළිවූ තොරතුරු අනුව ලුතිනන් කර්නල්වරුන් දෙදෙනකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරීන් පිරිසක් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
201 වසරේ ජනවාරි මාසයේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන්කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

