හමීඞ් අල් හුසේනියා කී‍්‍රඩකයෝ ආරාධිත පාසල් පාපන්දු ශූරතාව දිනති


හමීඞ් අල් හුසේනියා විද්‍යාලයීය 80 කණ්ඩායම විසින් සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට හමීඞ් අල් හුසේනියා විදුහල සමත්විය. අද (10 වැනිදා) කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී හමීඞ් අල් හුසේනියා විදුහල විසින් ලූම්බිණී විදුහල ගෝල 3 - 0 ලෙස පරාජයට පත්කරන ලදි.

තරගයේ පළමු භාගය අවසන් වන විට දෙපිලම ගෝලය බැගින් ලබාගෙන සිටි අතර දෙවන භාගයේදී ද දෙපිලම තවත් එක් ගෝලය බැගින් රැස්කිරීමට සමත්වූහ. නියමිත කාලය අවසන් වන විට ගෝල 2 - 2 ක් ලෙස තරගය සම තත්වයේ පැවතීම හේතුවෙන් දඩුවම් පහර මගින් තරගයේ ජයග‍්‍රාහකයා තෝරාගැනිණ.

දඩුවම් පහර 3 ක් සාර්ථක කරගත් හමීඞ් අල් හුසේනියා විද්‍යාලයීය කී‍්‍රඩකයෝ තරගය ජය ගැනීමට සමත්වූහ. ලූම්බිණී විදුහලට කිසිදු දඩුවම් පහරක් සාර්ථක කරගැනීමට නොහැකි විය.

ශාන්ත බෙනඩික් විදුහල ගෝල 3 - 0 ක් ලෙසින් පරාජය කළ හින්දු විද්‍යාලයීය කී‍්‍රඩකයෝ තෙවන ස්ථානය තෝරාගැනීම සඳහා වූ තරගයෙන් ජයගැනීමට සමත්වූහ.

මෙම තරගාවලියට සමගාමීව පැවති වයස අවුරුදු 40 ට වැඩි ප‍්‍රවීණ කී‍්‍රඩකයින්ගේ පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ජාවාලේන් පිල සමත්වූයේ කොළඹ ප‍්‍රවීණයන්ගේ පිල ගෝල 1 - 0 ලෙස පරාජය කරමිනි.

ඡයාරූප - ශානුක අරවින්ද

ශූරතාව දිනාගත් හමීඩ් අල් හුසේනියා විදුහල් කණ්ඩායම

අවසන් මහ තරගයේ තියුණු අවස්තා