හමීඞ් අල් හුසේනියා විද්‍යාලයීය 80 කණ්ඩායම සංවිධානය කරන සමස්ත ලංකා ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබාගැනීමට කොළඹ හින්දු විද්‍යාලය, කොළඹ හමීඞ් අල් හුසේනියා විද්‍යාලය, ලූම්බිණී විද්‍යාලය සහ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයීය කණ්ඩායම් සමත් වූහ. අවසන් පූර්ව තරග අද (02) කොළඹ සුගතදාස කී‍්‍රඩාංගනයේදී පැවැත්වේ.
අවසන් පූර්ව වටයේ තරග වලදී කොළඹ හින්දු විද්‍යාලයට එරෙහිව හමීඞ් අල් හුසේනියා විද්‍යාලයත්, කොළඹ ලූම්බිණී විද්‍යාලයට එරෙහිව ශාන්ත බෙනඩික් විද්‍යාලයත් තරග වැදීමට නියමිතය.
අර්ධ අවසන් පූර්ව වටයේ පසුගිය 28 වැනිදා පැවති තරග වලදී කොළඹ හින්දු විද්‍යාලය විසින් කොළඹ රාජකීය විද්‍යාලය ගෝල 4-0 ක් ලෙසත්, හමීඞ් අල් හුසේනියා විද්‍යාලය විසින් මීගමුව අල් හිලාල් විද්‍යාලය ගෝල 9-0 ක් ලෙසත් පරාජය කරන ලදි.
29 වැනිදා පැවති අර්ධ අවසන් පූර්ව තරග වලිදී ලූම්බිණී විද්‍යාලය විසින් කළුතර සිරි කුරුස විද්‍යාලය ගෝල 1-0 ක් ලෙසත්, ශාන්ත බෙනඩික් විද්‍යාලය විසින් කොළඹ අනන්ද විද්‍යාලය ගෝල 1-0 ක් ලෙසත් පරාජය කරන ලදි.
තරගාවලියේ අවසන් මහා තරගය පෙබරවාරි 10 වැනිදා පැවැත්වීමට නියමිත අතර එදින ආදි අල් හුසේනියා පාපන්දු කී‍්‍රඩකයන්ගේ ප‍්‍රදර්ශන තරගයක් පැවැත්වීමටද සංවිධායක කමිටුව කටයුතු සූදානම් කර තිබේ.