ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබූ ගංජා කිලෝ 200 සැකකරුවන් දෙදෙනකු සමග උඩවලව ජාතික වනෝද්‍යානයයේ පේරමංකඩ කැලෑවෙන් සොයා ගත් බව හම්බේගමුව පොලිසිය කියයි. එහි වීදි වටිනාකම රුපියල් කෝටි තුනකට අධික බව ද පොලිසිය පවසයි. ඒ ආසන්නයේ අක්කර 10 කංසා වගාවක්ද විනාස කර දමා ඇත.

