හම්බන්තොටදී කළහ කළ තවත් 8 ක් අත්අඩංගුවට


හම්බන්තොට පොදු සංවර්ධන කලාපය විවෘත කිරීමේ උත්සවය දිනයේ කළහකාරී ලෙස හැසිරුණු බව කියන තවත් පුද්ගලයින් 8 දෙනකු කොළඹින් ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

20 දෙනකු පමණ හඳුනා ගෙන ඇතැයිද ඔවුන් හෙට (16 වැනිදා) දිනය තුළ අත් අඩංගුවට ගැනීමට නියමිත බවද නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පැවසීය.