හම්බන්තොටටත් මහ වැසි:පහත් බිම් රැසක් යටවේ


හම්බන්තොට දිස්ත්‍රික්කයට අද හැලෙන අධික වැසි හේතුවෙන් ප්‍රදේශ රැසක් වැසි ජලයෙන් යට වී ඇති බව හම්බන්තොට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

හුංගම බටඅත මහවැව සහ ගජමන්ගම වැව් පිට ආර ගැලීමෙන් තංගල්ල හුංගම ප්‍රධාන මාර්ගයේ බටඅත ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවිම නිසා එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට තරමක බාධා ඇතිවිය. බටඅත නිවාස කිහිපයක්ද ජලයෙන් යට වී තිබිණි .

හුංගම කච්චිගල් ආරද පිට ආර මට්ටම දක්වා ජලය වැඩි වී ඇති හෙයින් එම ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබිණි.

121 122 123 124 125 126