හම්බන්තොටට යුරෝපා ඇස


හම්බන්තොට ගුවන්තොට,වරාය ඇතුළු සංවර්ධනය දුටු යුරෝපයේ ප්‍රධාන රටවල් තුනක තානාපතිවරු එහි දියුණුව ගැන ප්‍රසාදය සහ මවිතය පළකළහ.
බි්‍රතාන්‍ය මහා කොමසාරිස් ජෝන් රැස්කින් කීවේ හම්බන්තොට ගුවන් තොට හා වරාය ශ්‍රී ලංකාවේබ්‍රිතාන්‍ය  ආයෝජනයට  හොඳ අවස්ථාවක් උදාවනු ඇති බවයි.
ප්‍රංශ තානාපති කි්‍රස්ටීන් රොබිෂොන් කීවේ දෙවසරකට පෙර දුටු හම්බන්තොට දැන්  මුළුමනින්ම වෙනස්වී ඇති බවය.
ජර්මන් තානාපති ජුරිගන් මෝරගාඩ් පැවසුවේ යුරෝපා වෙළෙඳපොළ දිනා  ගැනීමේ අවස්ථාවක් හම්බන්තොට වරායෙන් හා ගුවන්තොට නිසා ශ්‍රී ලංකාව උදාවී ඇති බවයි.  හම්බන්තොට  දිසාපති ආර්. සී. ද සොයිසා මහතා ඔවුන් සමග සාකච්ඡා කෙළේය. ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාව. ෂැන්ග්රිලා තරු හෝටලයද වරාය හා ගුවන්තොටද ඔවුහු නැරඹූහ.