හම්බන්තොට ප්‍රදේශ කිහිපයක විරෝධතා තහනම් කරමින් ලබා දුන් උසාවි නියෝගය නොතකා පිරිසක් අද විරෝධතා පැවැත්වූහ.
හම්බන්තොට ආයෝජන කලාපයට මුල් ගල තැබීමේ උත්සවය පැවැති භූමියට විරෝධතා කරුවන්ට ඇතුළු විය නොහැකි ලෙස පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ පිරිස් යොදවා තිබිණි. උද්ඝෝෂකයෝ අතුරු මාර්ග ඔස්සේ උත්සවය පැවැති භූමිය අසලටම සහභාගී වූහ.
එහි දී උත්සව භූමියේ සිටි බව කියන පිරිසක් හා උද්ඝෝෂකයන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර ගල් මුල් පවා හුවමාරු වූ බව පොලිසිය කියයි.
ඒකාබද්ධි විපක්ෂය නියෝජනය කරමින් උදය ගම්මන්පිල, ගාමිණී ලොකුගේ ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ද එම ස්ථානයට පැමිණ සිටියහ. විරෝධතාවට ස්වාමීන්වහස්සේලාද වැඩම කර සිටියහ.
පොලිසිය උද්ඝෝෂකයන්ට කඳුළු ගෑස් ගසා පලවා හැරීමට උත්තාසහ කරනු අයුරු දක්නට ලැබිණි.
තුවාල ලැබූ කිහිප දෙනෙක් රෝහල් ගත කරනු ලැබ සිටිති.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
ඡායාරූප - සනත් ගමගේ



























