හම්බන්තොට වරායේ ජාත්‍යන්තර කම්හලක් ආරඹන්න ගිවිසුම් තබයි


(සනත් ගමගේ)

හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආශ්‍රිත කාර්මික උද්‍යානයේ ස්පොන්ජ් මෙට්ට නිෂ්පාදනය කිරීමේ ජාත්‍යන්තර කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා වූ අදාළ ගිවිසුම් අත්සන් කෙරේ.

වර්ගමීටර් 62000 පමණ වපසරියකින් යුතු මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත මෙට්ට ඇමෙරිකාව, යුරෝපය සහ කැනඩාව ඇතුළු රටවලට අපනයනය කෙරේ.

කර්මාන්ත ශාලව ඉඳිකිරිම සඳහා වූ අදාළ ගිවිසුම හම්බන්තොට  ජාත්‍යන්තර වරාය කළමණාකාරීත්වය සහ කොම්ෆෝට් මෙට්ටර්ස් ලංකා පුද්ගලික සමාගම සමඟ අත්සන් කිරීම පසුගියදා හම්බන්තොට  ජාත්‍යන්තර වරායේ දී සිදු කෙරිණි.