හම්බන්තොට වරාය ගිවිසුමට එරෙහි පෙත්සම සලකා බැලීම 2 දාට කල්යයි


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතියට එරෙහිව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන මස 02 වැනි දා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) තීන්දු කළේය.
 
හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීම සඳහා අමාත්‍ය මණ්ඩලය ලබා දී ඇති අනුමැතිය අවලංගු කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් හැටියට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය  හා චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්ස් සමාගම ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
 
මෙම පෙත්සම අගවිනිසුරු ප‍්‍රියසාත් ඩෙප් සහ අනිල් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබිණි.
 
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර දැනට දළ ගිවිසුමක්ද සකස් කර ඇති බවත් ඉන් රටෙහි ජනතාවගේත් , තමන්ගේත් මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි පෙත්සම්කරු කියා සිටී.