හම්බන්තොට ගොවි සංවිධාන කිහිපයක ගොවියෝ අද (01) උදෑසන අම්බලන්තොට නගරයේ උද්ඝෝෂණයක් ඇරඹූහ. තංගල්ල තිස්සමහාරාම ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයද අඩාල විය.
පොහොර සහනාධාරය පෙර ලෙසම ලබා දෙන ලෙසත්, වී සඳහා සහතික මිලක් ලබා දෙන ලෙසත්, නව බැංකු ගිණුම් සැකසීම හා ඡායාරූප ගැනීම වැනි කටයුතු වලදී ගොවියන් අපහසුතාවයට පත් වීම නවත්වන ලෙසත් ඔවූහු ඉල්ලති. රජය ගොවියා ගොවිතැනින් ඉවත් කිරීමට දරන උත්සාහයට විරෝධය පෑමක් ලෙසත් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබේ.






