රංජන් කස්තුරි
හම්බන්තොට වරායේ අනුග්‍රාහක ගිවිසුම සකස්කොට ක්‍රියාවට නැංවීම සඳහා ඇමැති සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ඇමැති අනු කමිටුවක් පත් කර තිබේ.
මලික් සමරවික්‍රම,අර්ජුන රණතුංග, සුසිල් ප්‍රේමජයන්ත, චම්පික රණවක, මහින්ද අමරවීර සහ සාගර රත්නායක එම කමිටුවට අයත් වෙති.
මේ සඳහා කමිටුවක් පත්කරන බව කීවද ගිවිසුමට ඇතුළත් කරුණු විවේචනය කරන්නන්ගේ සිත් සතුටු කිරීම සඳහා ඇතැම් කොන්දේසි වෙනස් කර ඇති බව පසුගිය ඉරිදාපද සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කළේය.

