වත්මන් ආණ්ඩුව හම්බන්තොට වරාය පෞද්ගලීකරණය කිරීමේ ගනුදෙනුවේදී රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද යාපා අබේවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, පියල් නිශාන්ත, රන්ජිත් සොයිසා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (04) අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
“මේක වරායේ වටිනාකම ගණනය කිරීමකින් තොරව අවධිමත් ලෙස කළ ගනුදෙනුවක්. මේක ටයි කෝට් පැළඳගත්, නියඟෙට කෙස් පැහුණු, ඉංග්‍රීසි කතාකරන යහපාලන හොරුන්ගේ තවත් එක් හොරකමක්. අපි ඊට විරුද්ධව පැමිණිලි කළා“යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් සොයිසා මාධ්‍යයට අදහස් දක්වමීන් පැවසීය.




