හම්බන්තොට වරායේ විරෝධතාව අතරතුර එහි නැංගුරම්ලා තිබූ නැව් දෙකක් දියත් කිරීමට නාවික හමුදාව මැදිහත්වීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති විය.
විරෝධතාවයේ යෙදී සිටි වරාය සේවකයන්ට හා මාධ්‍යවේදීන්ට පිරිසක් පොලුවලින් හා තුවක්කුවලින් පහර දුන් බව ද කියති.
වරායේ නැංගුරම්ලා ඇති නැව් දෙකට පිටවී යාමට නොහැකි ලෙස වරාය සේවකයෝ පිරිසක් පෙර දින සිට තටාකාංගනයට බැස සිටියහ.
එම නැව් දෙකට පිටවී යාමට අවශ්‍ය නිසා සහය දක්වන ලෙස වරාය අධිකාරිය කළ ඉල්ලීම අනුව එහි ගිය බව නාවික හමුදාව කියයි.
වරාය සේවක සත්‍යග්‍රහය අසලට වරාය සේවකයන් නොවන පිරිසක් පැමිණි බවත්, ඒ අතර හිමිවරුන් කිහිප නමක් ද සිටි බවත්, ඔවුන් පැමිණියේ ගැටළුවක් ඇති කිරීමටදැයි සැක බවත් සේවකයෝ පිරිසක් කීහ.
(ඡායාරූප හා වීඩියෝ සනත් ගමගේ)