අන්තර්ජාතික පැසිපන්දු සම්මේලනයේ ආසියානු 3 - 3 තරගාවලියට ශ්‍රී ලංකා සංචිය තෝරාගැනීම සඳහා පැවති තරගාවලියේදී පිරිමි අංශයේ ශුරතාව හම්බන්තොට කී‍්‍රඩා සමාජයේ බ්ලැක්ස් කණ්ඩායම විසින් දිනාගන්නා ලදි, කාන්තා අංශයේ ශූරතාව කන්ටෙන්ඩර්ස් කණ්ඩායම දිනාගත්තේය.
අවසන් තරගයේදී හම්බන්තොට බ්ලැක්ස් කණ්ඩායම හමුවේ කොළඹ කී‍්‍රඩා සමාජ කණ්ඩායම පරාජයට පත්වූ අතර කන්ටෙන්ඩර්ස් කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම පරාජයට පත්විය.
මේ මස 27 සහ 28 යන දින වලදී කොළඹ හෙන්ද්‍රි පේද්රිස් කී‍්‍රඩාංගණයේදී පැවති මෙම තරගාවලියට පිරිමි කණ්ඩායම් 20 ක් සහ කාන්තා කණ්ඩායම් 10 සහභාගීවූහ. පිරිමි තරගාවලිය කාණ්ඩ 4 ක් යටතේ පැවති අතර කාන්තා තරගාවලිය කාණ්ඩ 2 ක් යටතේ පැවැත්විණ.
තරගාවලිය අවසානයේ තොරාගන්නා ලද සාමාජිකයන් 8 දෙනෙකුගෙන් සමන්විත පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙක, මේ මස 15, 16, 17 යන දින වල දෝහා කටාර්හිදී පැවැත්වීමට නියමිත අන්තර්ජාතික පැසිපන්දු සම්මේලනයේ ආසියානු 3 - 3 තරගාවලියට සඳහා සහභාගී වෙයි.
ශී‍්‍ර ලංකා 3 - 3 කණ්ඩායමේ පුහුණුකරු ලෙස ටී. එම්. අමත් මහතා කටයුතු කරයි.
පිරිමි සංචිතය
තරිඳු සංකල්ප (හම්බන්තොට), යොහාන් කෛසර් (හම්බන්තොට), කසුන් උයන්ගොඩ (හම්බන්තොට) ප‍්‍රනීත් උඩුමලගල (කොළඹ), ගයාන් ද සොයිසා (කොළඹ), ඔසඳ උමයංග (ගුවන් හමුදාව), උදයංග පෙරේරා ( ඕල්ඞ් බෙන්ස්), ක්ලින්ටන් ස්ටේලියන් (නේෂන් ට‍්‍රස්ට් බැංකුව)
කාන්තා සංචිතය
උමයංගා ද සොයිසා (කන්ටෙන්ඩර්ස්), එරන්දි ගාල්ලගේ (ගුවන් හමුදාව), ප‍්‍රසාදි ෆොන්සේකා (ගුවන් හමුදාව), ප‍්‍රමිලා ප‍්‍රනාන්දු (නාවික හමුදාව), සෝලංගි ගුණවිජය (නාවික හමුදාව), කුමරින් ද සිල්වා (ට‍්‍රැක් මාස්ටර්ස්), බෙනිකා තලගල (ට‍්‍රැක් මාස්ටර්ස්) සහ ඇන්ජලී ඒකනායක (ට‍්‍රැක් මාස්ටර්ස්)
(*)