බලපිටිය මහාධිකරණයේ වසර දහයක පහළොවක කාලයක් තිස්සේ දිනෙන් දින කල් දමමින් තිබූ අපරාධ නඩු හාර සියයක්ද අනෙකුත් පොදු අභියාචනා නඩු දෙසීයක්ද බලපිටිය මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් මෑතදී පත්ව ආ මොහාන් සෙනෙවිරත්න මහතාගේ කෙටි කාලයක් තුළදී විභාග කොට අවසන් කිරීමට හැකිවූ බව මහාධිකරණ ආරංචි මාර්ගවලින් දැන ගන්නට ලැබුණි.
මේ නිසා නඩුවලට අදාල පාර්ශ්වකරුවන්ට මාස ගණන් රස්තියාදුවීමටත් දිගින් දිගට
නීතිඥ ගාස්තු ගෙවමින් මුදල් වැය කිරීමටත් තිබූ අපහසුතාවයන් බොහෝ දුරට මග හැරී ඇති අතර ඔවුන්ට මේ නිසා විශාල සහනයක් ලැබී ඇති බැව්ද බොහෝ දෙනාගේ අදහසවී තිබේ.

