ඌව පළාත් සභා අපේක්ෂක සෙන්දිල් තොන්ඩමන් ඇතුළු 24 දෙනකුට තුවාල සිදුකරමින් එක් අයකු මරුමුවට පත් කළ හමර් ජිප්රිය පැදවූ රියදුරා අද බදුල්ල පොලිසියට භාර විය.
ඔහු අද බණ්ඩාරවෙල පොලිසියට භාරදීමට නියමිතව සිටියේය. ඔහු තොන්ඩමන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි. මේ අතර තොන්ඩමන් මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබයි.







