හබරාදුව ලන්තෑරුම් පත්තුකරයි


විදුලි බිල ඉහළ දැමීමට විරෝධය පලකරමින් හබරාදුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු අද ලන්තෑරුම් රැගෙන සභාවට ආහ. විපක්ෂනායක ලයනල් ඉපලවත්ත මහතා පෙරටුකැරගත් ඔවුහු විවිධ සටන්පාඨ කියමින් පුවරු රැගෙන රැස්වීමට පැමිණිය ද පාලක පක්ෂයෙන් විරෝධතාවක් එල්ලවූයේ නැත.