(සුනිමල් හේවගේ,නිමල් ජයරත්න සහ චාපා මධුභාෂිණි)
හබරණ පොලොන්නරුව මාර්ගයේ මින්නේරිය හතේ කණුව දේවාලය ආසන්නයේදී ලංගම බස් රථයක් හා පෞද්ගලික මගී බස් රථයක් එකිනෙක ගැටීම නිසා අද (29) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් 16 දෙනකු තුවාල ලබා ඇතැයි මින්නේරිය පොලිසිය පවසයි.
තුවාලකරුවන් හබරණ හා පොළොන්නරුව රෝහල්වලට ඇතුළත් කර ඇත.
කටුනායක සිට සිරිපුර දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක්හා ලංගම බස් රථයක් මෙසේ මුහුණට මුහුණ ගැටී ඇති අතර ලංගම බස් රථයේ ගමන් ගත් 12 දෙනකු සහ පෞද්ගලික මගී බස් රථයේ ගමන් ගත් හතර දෙනකු තුවාළ ලබා ඇත. අනතුරින් බස් රථ දෙකේම රියදුරන් තුවාල ලබා ඇත.