හඳුනා ගැනීමේ පෙරට්ටුවකුත් නෑ


මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගැහතැන්නේ විමලවංශ හිමි ඝාතනයට සැකපිට රිමාන්ඩ් කැර සිටි මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මාර්තු 14 වැනිදා තෙක් නැවත රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස මොරටුව මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය නියෝග කළාය.

සැකකාර උප නගරාධිපති  හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවට පොලීසිය කළ ඉල්ලීමට අවසර දෙමින් අද (7) අඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබුණු අතර ඔහු හදුනා ගැනීම සඳහා කිසිදු සාක්කිකරුවෙක් ඉදිරිපත් නොවීය. හදුනා ගැනීමේ පෙරට්ටුවක්  පැවැත්වීමේ ඉල්ලීම ඉවත් කර ගන්නා බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

ඊට අවසර ලැබිණි.