හඳුන්නෙත්තිත් ප්‍රගීත් දුටු බව අරුන්දික කියයි


මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සංවිධානාත්මක කණ්ඩායමක් විසින් පැහැර ගන්නට ඇතැයි  රාජ්‍යාරක්ෂක අමාත්‍යංශයේ  අතිරේක ලේකම්වරයකු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා මහතාට දන්වා ඇතැයි හෝමාගම  මහෙස්ත්‍රාත් උසාවියේදී අද (16) කියැවිණි.

ප්‍රගීත් එක්නැලිගොඩ සොයාදෙන්නැයි ඔහුගේ බිරිය සන්ධ්‍යා අධිකරණයේ සහාය පතන්නීය.

 අතිරේක ලේකම් විසින් යවන ලද ලිපියෙහි පිටපතක්ද උසාවියට ඉදිරිපත් කැරිණි.

 මහෙස්ත්‍රාත් වයි ආර් ඩී නෙලුම්දෙණිය මහතා ප්‍රශ්න කළේ  එවැනි තොරතුරත් ගැන පරීක්ෂණ පවත්වන පොලීසිය උසාවියට නොදැන්නුවේ ඇයිද යන්නයි. පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා අද සාක්කි දුන්නේය . ඔහු පැවසුයේ මංජුල වෙඩ්වර්ධන නම් මාධ්‍යවේදීයා සමග ප්‍රංශයේ නිවසකට ගිය අවස්ථාවේදී  ඔහු විසින් ප්‍රගීත් එක්නැලිගොඩ තමාට පෙන්වන ලද බවයි.ඊට කලින් ඔහු දැක නැති බවත් තම මිතුරා වන වෙඩ්වර්ධන කිදේ විශ්වාස කළ බවත් මන්ත්‍රී පැවැසිය.

ප්‍රගීත් එක්නැලිගොඩ බෙල්ජියමේදී දුටු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති  මහතා තමා සමග පැවසුවේයැයිද එහෙත් ඔහු ඒ බව  පිළිගනිතියි තමා නොසිතන්නේයැයිද ප්‍රනාන්දු මහතා කීවේය.

වැඩිදුර විභාගය ලබන 21 වැනිදාට කල් තැබිණි.