හඳපාන්ගොඩට හඳ පායයි


ඉංගිරියේ හඳපාන්ගොඩ මඟුල් ගෙදරකට ඇරැයුම කවි කොලයකිණි.  පවුලේ සියල්ලන්ටම ඇරැයුම් කර තිබිණි. 1500 බදෙනකු ආහ.

රතිඤ්ඤා හඩින් මංගල යුවළ පිළිගෙන ගැයෙන පිළිගැනීමේ ගීත වෙනුවට මෙහි මංගල උත්සවයේ කටයුතු ඇරඹුනේ ජාතික ධජය සහ බෞද්ධ ධජය ඉහළට ඔසවා ජාතික ගීය ගැයීමෙනි. කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා සහ හොරණ ප්‍රාදේශීය සභාවේ උප සභාපති අශෝක රණතුංග යන මහත්වරු ප්‍රධාන ආරාධිත අමුත්තෝ වූහ.

සංගීතය නැත. ඒ වෙනුවට රබන් වැයිණි. දේශාභිමානී ගීත සහ රණවිරු ගීත ද ගැයිණි.

මත්පැන් දුම්වැටි නොවීය.

රූකඩ සංදර්ශනයක් පැය තුනක් පැවැතියේය. හෙළ සිරිතට මංගල මේසයද සරසා තිබිණි.

මනාලයා කමිසයකින් සහ කලිසමකින් සැරැසී සිටියේය. මනාලිය සාරික් ඇඳ සිටියාය. මනාලායා ඉඩම් හිමි වැවිලිකරුවෙකි.