වසර දෙකක් තිස්සේ දිවයිනේ නගර ගණනාවක කොල්ලකෑම් මෙහෙයවමින් රුපියල් කෝටි ගණනක් පැහැරගත් බව කියන සිව් පුද්ගල කල්ලියක සමාජිකයෝ මිරිහාන පොලිසිය විසින් අවිද සමග අත්අඩංගුවට ගනු ලැබූහ.
මහනුවර හන්තානේ සහකාර වතු අධිකාරීවරයකු, ඇඳුම් මහන්නකු සහ යකඩ බඩු වෙළෙන්දකු ද මේ අතර වෙතියි පොලිසිය පවසයි.
ප්‍රධාන සැකකරු හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු හා පළාත් සභා මන්ත්‍රීවරයකුගේ පුත්‍රයකු බවට පොලිසියට තොරතුරු ලැබි ඇත.
නාවලපිටිය, ඇඹුල්දෙනිය, ගලහ, හොරණ, විජේරාම ආදී පෙදෙස්වල කොල්ලකෑම් ඔවුන් විසින් මෙහෙයවන ලදැයි පොලිසියට තොරතුරු ලැබී ඇත.
නාවලපිටියෙන් ලක්ෂ 27ක් කොල්ල කෑ බවට ද පැමිණිලි ලැබී තිබේ.
මොවුනට අවි ලැබුණු ආකාරය සොයාගෙන යයි.