(සෙනරත් බණ්ඩාර )
හන්තාන ගවේෂණය සදහා අද(29) පැමිණි කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 290 දෙනකු අතිරින් 40 දෙනකු අධික මිදුමත් වර්ෂාවත් හේතුවෙන් අතරමන්ව සිටි බවත් පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගවේෂණ සිසුන්ගේ අධාරයෙන් රාත්‍රී අට පමණ වන විට උඩ හන්තාන නිවාඩු නිකේතනය අසලට පැමිණ ඇති බවත් පොලිසිය පවසයි.
ඒ අතර සිටි සිසුවියන් 6 දෙනෙකු හට ඇවිදගත නොහැකිව අඳුරත් සමග මාර්ගය සොයා පැමිණීමට නොහැකිව මෙසේ ප්‍රමාද වී ඇති බව ආරක්ෂක අංශ සදහන් කරයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ ආධාරයෙන් සිසුන් උද හන්තාන සිට විශ්වවිද්‍යාල භුමිය දක්වා ගෙන ඒමට කටයුතු කර ඇති අතර ඇවිද ගත නොහැකි සිසුවියන් හට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සිදුකෙරේ.

