
(යොහාන් භාසුර)
හදිසි ආපදා තත්වයකදී ජලයේ අනතුරට පත් පුද්ගලයින් සෙවීමේ හා මුදවා ගැනීමේ නිදර්ශණාත්මක පෙරහුරුවක් ගුවන් හමුදා අංක 7 ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණය සහ ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකාය එක්ව පානදුර වෙරළ උද්‍යානය අසල මුහුදු තීරයේදී පසුගියදා පැවැත්වීය.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් අනුව මෙම පුහුණුව මෙහෙයවීය.
මෙරටට බලපෑ ගංවතුර උවදුරුවලදි සහ මුහුදේදී වු හදිසි අනතුරුවලදී අනතුරට පත්වූ පුද්ගලයින්ගේ ජීවිත බේරාගැනීමේ ක්‍රියාදාම රැසකට ශ්‍රී ලංකා ගුවන් හමුදාව දායකත්වය දුන් අතර ඉදිරියේදී ඇති විය හැකි එවැනි ආපදා තත්වයන්ට සාර්ථකව මුහුණදිය යුතු ආකාරය පිළිබදව ප්‍රගුණ කිරීම මෙම පුහුණු පාඨමාලාවේ ප්‍රධාන අරමුණ වේ.
ගුවන් හමුදා අංක 7 ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණයට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදාගනිමින් කඹ ආධාරයෙන් අනතුරට පත් පුද්ගලයින් මුදවා ගන්නා ආකාරය ප්‍රායෝගිකව විදහා දක්වු මෙම නිදර්ශනාත්මක පුහුණුව සදහා ගුවන් නියමුවන්, ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා භටයින් ඇතුලූ පිරිසක් සහභාගී වූහ.
මෙම නිදර්ශනාත්මක පෙරහුරුවේ අධීක්‍ෂණ කටයුතු අංක 07 ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් සමීර විදානපතිරණ සහ ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා අණදෙන නිලධාරි විංග් කමාන්ඩර් සුමිත් බණ්ඩාර යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.





