රිදීමාලියද්ද තිස්සපුර ද්විතීයික පාසලේ මහින්දෝදය විද්‍යා තාක්ෂණ විද්‍යාගාර ගොඩනැගිල්ලේ වැඩ අවසන් කළ පිට සිවිලිමේ කොටසක් කඩා වැටුණු බව මව්පියෝ කියති.
වැහි පීල්ල බර වැඩි වීම නිසා එය කඩා වැටෙන්නට ඇතැයි ඉදිකිරීම් අධීක්ෂණ නිලධරයෙක් කියයි.
විදුහල්පති මේ ගැන මහියංගන කලාප අධ්‍යාපන කාර්යාලයට දැන්වූ බව දැනගන්නට ඇත.
මේ ගොඩනැගිල්ලේ වැඩ මෙතෙක් අවසන් වී නැත.

