හදවත් කුසලානය අගෝස්තු 23 වෙන්ප්පුවේ


හදවත් කුසලානය 2014  විවෘත කරාටේ  ශූරතාවලිය  අගෝස්තු  23 සෙනසුරාදා දවස පුරා  වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් ඇෆ්  පීරිස් ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී   පැවැත්වීමට සියළු කටයුතු සුදානම් බව ජිකෝ ශ්‍රී ලංකාව කියයි.

කාතා සහ කුම්තේ තරග ඉසව්  ජ්‍යෙෂ්ට සහ  කණිෂ්ට  කණ්ඩායම් අංශවලින්  පැවැත්වෙන අතර මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව,  ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇතුළු කරාටේ සංගම් රැසක ක්‍රීීඩක ක්‍රීීඩිකාවෝ තරග වදිති.

සමස්ත ශූරතාවලිය සඳහා ශූරතා සහ අනශූරතා කුසලාන මෙන්ම ජ්‍යෙෂ්ට  සහ කණිෂ්ට අංශයන්හි දක්ෂතම ක්‍රී්ඩකයා සහ ක්‍රීීඩිකාව සඳහා ද  ඉතාලියෙන් පිරිනමන ලද ඉතා වටිනා කුසලාන හිමිවන අතර රන්, රිදී, ලෝකඩ පදක්කම්ද සියළු ඉසව් සඳහා පිරිනැමීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත.
මීට අමතරව ජ්‍යෙෂ්ට  සහ කණිෂ්ට අංශයෙන් දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට වටිනා තෑගි සමූහයක් සමග විශේෂ මුදල් ත්‍යාගයක් ද පිරිනැමේ.

ඉතාලියේ ජිකෝ කරාටේ ජාත්‍යන්තර සම්මේලනය  සහ ජිකෝ ශ්‍රී ලංකා ශාඛාව මෙම තරගාවලිය සංවිධානය කර ඇත.

 giko dip001