හත්වන බිම්ස්ටෙක් සමුළුව හෙට ඇරැඹේ


(අංජුල මහික වීරරත්න)

දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ (BIMSTEC) කාර්ය සාධක බලකායේ හත්වන සමුළුව - 2025 (Seventh meeting of the BIMSTEC Task Force on Traditional Medicine-2025) හෙට (26) ඇරැඹෙයි.

BTFTM යනු විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන අංශය යටතේ ඇති ආංශික කණ්ඩායමක් වන අතර එය සාමාජික රටවල් වල දේශීය වෛද්‍ය ක්‍රම සංවර්ධනය හා ප්‍රවර්ධනය කෙරෙහි අවධානය යොමු කරයි. දේශීය වෛද්‍ය විද්‍යාව BIMSTEC කලාපයේ පොහොසත් උරුමයක් දරන අතර, පරම්පරා ගණනාවක් පුරා පැවත එන දැනුම හා භාවිතයන් රාශියක් ඇතුළත් වේ.

සමුළුව සඳහා බංගලාදේශය, භූතානය, ඉන්දියාව,  මියන්මාරය, නේපාලය, තායිලන්තය සහ ශ්‍රී ලංකාව යනාදී රටවල් හතක් නියෝජනය කරමින් නියෝජිතයෝ සහභාගී වෙති.

සමාරම්භක උත්සවය හෙට (26) පෙරවරු 9.00ට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් වත්තල Pegasus Reef හෝටල් පරිශ්‍රයේ දී ආරම්භ වේ.