රුපියල් විසි දෙදහසක්ව තිබූ විවෘත විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු ශිෂ්‍ය ගාස්තුව රුපියල් 62 000 දක්වා වැඩි කිරීමට විරෝධය දක්වමින් නාවල විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිසුහු ඇරඹු උපවාසයට මේවන විට දින 79 ක් සම්පූර්ණ වී ඇත.
සෑම තරාතිරමකම සිසුන්ට විශ්ව විද්‍යාලයේ දොරටු විවෘත විය යුතු යැයි කියමින් ඔවුහු විශ්ව විද්‍යාල ගොඩනැගිල්ල ඉදිරිපිට මාර්ග ඉදිකිරීම් කටයුතු සිදුකරන මාර්ගයද අහුරා අට්ටාලයක නැග සිටිති.
ඉල්ලීම්වලට සාධාරණයක් වනතුරු උපවාසය අත් නොහරින බව එහි කැඳවුම්කරු අමිල සඳරුවන් කියයි.









