කොළඹ කටුගෙයි පියගැටපෙළ කඩා වැටීමෙන් සිදු වු අනතුරින් සිසුහු සිවිදෙනකුට සැත්කම් කළ බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂක අනිල් ජාසිංහ මහතා කියයි.
තවත් කිහිප දෙනකු රෝහලෙන් පිටව ගිය බවත් හෙට වන විට වැඩි දෙනකු රෝහලෙන් පිටව යාමට ඉඩ ඇති බවත් ඔහු පවසයි.
ආරක්ෂක ලේකමි ගෝඨාභය රාජපක්ෂ මහතා ද තුවාලකරුවන්ගේ සුව දුක් විමසීමට රෝහලට පැමිණියේය.